පෞද්ගලික බස් 50%ක් නවතියි අද බස් 25%ක්වත් දුවයිද කියා සැකයි!

65

– ගැමුණු කියයි

ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම හේතුවෙන් බස් ධාවනය ඊයේ (26 දා) සියයට 50 කින් අඩුවී තිබූ බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ දිවයිනෙන්ම ධාවනය වූයේ බස් රථ 6000කටත් අඩු සංඛ්‍යාවක් බවද හෙතෙම කීය.

ලංගම ඩිපෝවලින් පවා ඉන්ධන මේ වන විට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය. ඉන්ධන හිඟය හමුවේ අද දින (27 දා) පෞද්ගලික බස් 25%ක්වත් ධාවනය කරයිද යන්න සැක සහිත යැයිද ගැමුණු මහතා කීවේය.

අද දිනයේ සිටවත් නිසි අන්දමින් ඉන්ධන නොලැබුණොත් ලබන සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් ඇනහිටිනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment