පෞද්ගලික විශ‍්‍රාම වයස 60 ට නංවන්න කැබිනට් අනුමැතිය

158

පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු මස 21 වැනිදා රැස්වූ අවස්ථාවේ මෙම පනත කෙටුම්පත සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දුනි.

ඒ අනුව සකස් කරන ලද මූලික කෙටුම්පත අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලූම් කර්මාන්ත සහ වෙළෙඳ ක්‍ෂේත‍්‍රයට බලපාන ප‍්‍රතිපත්තිමය සහ නෛතික කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේ කමිටුවේදී සියලූ පාර්ශ්වයන්ගේ සහභාගීත්වය ඇතිව සාකච්ඡා කෙරිණි.

එහිදී ඇති කර ගත් එක`ගතාව පරිදි මෙම පනත කි‍්‍රයාත්මක කරනු ලබන දිනට වයස අවුරුදු 52 ක් නොවන පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරෙයි.

නව පනත අනුව එය කි‍්‍රයාත්මක වන දිනට වයස අවුරුදු 52 හා ඊට වැඩි සේවකයන් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකිවේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment