පෞද්ගලික සේවක විශ‍්‍රාම යාම 60 කිරීමේ පනතේ දෝෂ රැසක් – වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සභාපති

211

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාමයාම වසර 60 දක්වා දික්කිරීමේ පනතට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතත් එහි දෝෂ රැසක් පවතින බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා දිවයිනට ඊයේ (31 දා) පැවසීය.

මෙම දෝෂ නිවැරදි කරන තෙක් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටි බවද මාකස් මහතා කීය.

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යාමේ වයස පනතක් මගින් තීරණය කර නැති බවත් සේවක අර්ථ සාධක පනතට අනුව කාන්තාවක් වයස 50 කින්ද, පිරිමි පුද්ගලයෙකු වයස 55 කින්ද විශ‍්‍රාම යන බවට තීරණය කර තිබෙන බවත් ඔහු කීය. සේවක අර්ථ සාධක පනත සකස්කරන කාලයේ මෙරට මනුෂයකුගේ ආයුකාලය වසර 60 ක්ව පැවති බවත් එම ආයුකාලය වසර 75 දක්වා වැඩිවී ඇති නිසා විශ‍්‍රාම යාම 60 දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටි බවත් මාකස් මහතා පැවසීය.

එම ඉල්ලීම් අනුව විශ‍්‍රාම යාම 60 දක්වා දික්කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇතත් සාකච්ඡුාවලදී එක`ග නොවූ කරුණු කිහිපයක් ඇතුළත් කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව හෙළිවීමෙන් පසු පනතට අනුමැතිය ලබාගැනීම සඳහා එය නිවැරදි නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් වෘත්තීය සමිති නායකයින් ඉල්ලා සිටි බවද ඔහු කීය.

කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති පනත තුළ දකින්නට ලැබෙන දෝෂ අතර යම් සේවකයකුට අසනීප තත්ත්වයක් ඇති බවට හාම්පුතාට දැනෙන විට විශ‍්‍රාම යැවීම, ආයතනයක් වසා දමනවා නම් කිසිදු ගෙවීමක් නොකර වසා දැමීම ඇතුළු අහිතකර කරුණු ඇතුළත්ව ඇතැයිද ඔහු කීය. දැනට පවතින නීතියට අනුව කිසියම් සේවකයකුට අසනීප තත්ත්වයක් ඇත්නම් ඔහු ඉවත් කිරීමට පෙර චෝදනා පත‍්‍රයක් ලබාදීම, කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පිහිටුවා ඇති සෞඛ්‍ය කමිටුවකින් සේවකයා රෝගියකු බවට නිර්දේශ කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්පූර්ණ කළයුතු බවද ඔහු පැවසීය.

යම් ආයතනයක් වසාදමනවා නම් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගත යුතු බවත් එහිදී කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් සේවකයින් සඳහා ගෙවියයුතු වන්දි තීරණය කරන බවත් මාකස් මහතා කීය. මෙවැනි සේවකයන්ට අහිතකර කරුණු රැුසක් නව පනතින් සකස්කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment