ප‍්‍රංශ සත්තු වත්තක පැන්ඩා වැලහින්නක් නිවුන් පැටවුන් බිහි කරයි

390

චීනයෙන් ප‍්‍රංශයේ සත්ත්වෝද්‍යානයකට ත්‍යාගයක් වශයෙන් ලැබී තිබු දැවැන්ත පැන්ඩා වැලහින්නක් විසින් ඊයේ (02දා ) නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනෙකු බිහි කර තිබේ .මධ්‍යම ප‍්‍රංශයේ ”‍පාක් ඩි බියුවල් ”‍ සත්ත්වෝද්‍යානයේ සිදුව ඇති මෙම නිවුන් පැන්ඩා උපත අති විශේෂ අවස්ථාවක් ලෙස එම සත්ත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් නම් කර ඇති අතර එයට හේතු වී ඇත්තේ චීනයෙන් පිටත මෙවැනි පැන්ඩා උපත් සිදුවීම දුර්ලභ සිදුවීමක් වන නිසාය .

 ”‍හුවාන් හුවාන් ”‍ යනුවන් නම් කර ඇති දැවැන්ත පැන්ඩා වැලහින්න විසින් බිහි කර ඇති නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනාගේ බර ග‍්‍රැම් 149ක් හා ග‍්‍රැම් 129ක් වශයෙන් සඳහන් වී තිබේ .සත්ත්වෝද්‍යානවල මෙන්ම වනාන්තරවල වෙසෙන පැන්ඩා වළසුන් බෝ කිරීම දැඩි අසීරු කාර්යයක් සේ සැළකීම නිසා මෙම නිවුන් පැන්ඩා උපත ඉතාමත් සුවිශේෂී බව ප‍්‍රංශ සත්ත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය පවසා තිබේ .මෙම නිවුන් පැන්ඩා උපත අධීක්ෂණය කිරීම සඳහා චීනයෙන් පශු වෛද්‍යවරුන් දෙදෙනකු ගෙන්වා තිබු අතර එම වෛද්‍යවරුන් පැන්ඩා මව සමග අදහස් හුවමාරු කරගෙන ඇත්තේ චීන භාෂාවෙනි .චීනයේ පවා පැන්ඩා පැටවුන්ගේ උපත් කලාතුරකින් සිදු වන බව අනාවරණය වී ඇත. මේ වන විට චීනයේ වනගතව සිටින පැන්ඩා වලසුන්ගේ සංඛ්‍යාව 1800කි.

advertistmentadvertistment
advertistmentadvertistment