ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් අතර සම්මන්ත‍්‍රණයට ශී‍්‍ර ලංකාවට ආරාධනා නොලැබීම නිගරුවක් – කරු ජයසූරිය

280

ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය නිසි ආකාරයට කි‍්‍රයාත්මක වන තුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පිළිගැනීම අප රටට ලබාගැනීමට නොහැකි වන බවත් ඇමෙරිකාවේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් අතර වන සම්මන්ත‍්‍රණයට අප රටට ආරාධනා නොකිරීම රටක් ලෙස අපට වූ නිගරුවක් ලෙස කනගාටුවෙන් පෙන්වා දිය යුතුව ඇති බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඊයේ (2දා) පැවසීය.

මාධ්‍ය හමුවකදී ඊයේ අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා එහිදී පහත කරුණු ද දැක්විය.

ශ‍්‍රී ලංකාව එන්නත්කරණයේදී ආසියාවේ අනිත් රටවල් අභිබවා හොඳ ස්ථානයක තිබීම අපි අගය කරනවා. මේ සාර්ථකත්වය ලබාගැනීමට කැප වුණු සියලූ දෙනාට අපගේ ප‍්‍රණාමය හා ගෞරවය පිළිගන්වනවා.

අපගේ සතුටට හේතුවන අනෙක් කරුණ වනුයේ ගෑස් අනතුරු ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් ක්‍ෂණිකව පියවරගෙන විශේෂඥ කමිටුවක් පත් කිරීමයි. එය කාලෝචිත පියවරක් වශයෙන් සලකන අතර, රටේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය වන පරිදි බුද්ධිමතුන්ගේ උපදෙස් ලබාගන්නේ නම් කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර වල ඇති වූ ගැටලූ හා අවුල් වියවුල් ද ඇතිවන්නේ නැහැ.

අපට පේන ආකාරයට පොහොර නොමැතිකම නිසා බොහෝ ගොවියන් ගොවිතැන අතහැර ඇති නිසාත් නිෂ්පාදනයේ විශාල (30% පමණ) පහළට වැටෙනු ඇති බව ක්ෂේත‍්‍රයේ මතයයි. පිටරටින් හාල් ගෙන්වීම මෙයට විසඳුමක් ලෙස අපි දකින්නේ නැහැ.

ජන ජීවිතයට අවශ්‍ය බේත් හේත්, කිරිපිටි හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් නොමැති අපට හාල් පිටරටින් ගෙන්වීමට විදේශ විනිමය නාස්ති කළ හැකිද? මීට අමතරව වරායේ ආහාර ද්‍රව්‍ය රැුගත් කන්ටේනර් 1000ක් පමණ ඩොලර් නොමැති කමෙන් හිරවී ඇති බව අපි වටහා ගත යුතුයි. කළමනාකාරීත්වය ශක්තිමත් කළ යුත්තේ එවැනි අවස්ථාවලයි.

මේ හේතුවෙන් විශාල ආහාර හිඟයකට අසරණ ජනතාව මුහුණ දී ඇති අතර ජීවන වියදම ද ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආහාර තුන්වේල ගැනීමට නොහැකි විශාල ජනතාවක් රටේ සිටින බව සත්‍යයක්.

පොහොර තහනම ගෙන ඒමට ප‍්‍රථම ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් බුද්ධිමතුන්ගෙන් ලබාගත්තේ නම් අද ඇතිවී ඇති මහා වියවුල පැන නැගෙන්නේ නෑ. රාජ්‍ය කරණයේ දී මෙය ඉතා වැදගත් කරුණක් බව බලධාරීන් වටහාගත යුතුයි.

ගොවි පවුල් අද ඉතා අසරණ තත්ත්වයකට වැටී තිබෙනවා. දැනට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සාමාජිකයන් පත් නොකිරීම නිසා ක‍්‍රියාත්මක වන්නේ නැත. පසුගිය වකවානුවේ අප රටේ මානව හිමිකම් කොමිසම ලෝකයේ ඉතා ඉහළ පිළිගැනීමකට ලක්ව තිබිණි. එයට හේතුව වූයේ සියලූම සාමාජිකයන් දේශපාලනයෙන් බැහැර ස්වාධීන පුද්ගලයන් වීමයි. එදා ඔවුන් තෝරා ගත්තේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් විසින්. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මේලනයට නොකැඳවීම ගැන අපි පුදුම නොවිය යුතුයි. කල් නොයවා මෙම වැරදි නිවැරදි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment