ප‍්‍රජාව වෙනුවෙන් පොලිසිය ගොඩනගමු

1967
ප‍්‍රජාව වෙනුවෙන් පොලිසිය ගොඩනගමු

සාමය අද ශ‍්‍රී ලංකාවාසී අපට පමණක් නොව මුළු ලෝක වාසීන්ටම අවශ්‍යම සාධකයකි. වසර 2500 කට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ශ‍්‍රී ලංකා මාතෘ භූමියේ නිදහස, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමටත් සාමකාමී නිදහස් නිවහල් රටක් රැුක ගැනීමටත් වූ බාරදුර කාර්යය වගකීමෙන් නොපිරිහෙලා ශ‍්‍රී ලංකා මාතාව වෙත ඉටු කිරීමේදී ශ‍්‍රී ලංකා පොලිසියේ දායකත්වය අමතක කළ නොහැක. බුද්ධාගම ප‍්‍රමුඛස්ථානයෙහිලා සැලකෙන අප රටේ ‘‘ධර්මචක‍්‍රය’’ ඔවුන්ගේ නිල ලාංජනය ලෙස පිළිගන්නා, ‘‘ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන උතුම් බුද්ධ වචනය තමන්ගේ ආදර්ශ පාඨය ලෙස පිළිගන්නා, එකම ආයතනය වන පොලිසිය ශ‍්‍රී ලංකාවේ පවතින සියලූම රාජ්‍ය ආයතන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. සන්තුට්ඨි පරමං දනන් යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේද මිනිසාට උපයාගත හැකි උතුම්ම ධනය සතුට ලෙසය. මෙහිදී නීතිය රැුකුණු සමාජයක විනා අන් කවර සමාජයක හෝ සන්තුෂ්ටිය පැවතිය නොහැක. නීතිය හා සාමය රැුක ගැනීමේ කාර්යයෙහි නියමුවන් වන පොලිසිය සතුට රජයන සමාජයක් නිර්මාණය කිරීමට නම් සිය වගකීම මැනවින් ඉටු කළ යුතුය.
 
 පොලිසිය ඍජු හා වක‍්‍ර ආකාරයෙන් මහජනයා සමග සම්බන්ධතා පවත්වයි. මෙලෙස වෘත්තීය පොලිස් සේවය සාම්ප‍්‍රදායික ආකෘති මත පදනම් වීම අකාර්යක්ෂමතාවට හේතු වූ නිසාත් එනම් පොලිසිය හුදකලා වීම, පොලිස් රාජකාරි සඳහා මහජනතාවගේ සහාය ලබා ගැනීමට නොහැකි වීම යන කරුණු සැලකිල්ලට ගෙන ප‍්‍රජාව මූලික කර ගත් පොලිස් සංකල්පය ආරම්භ විය. ඒ අනුව 1970 අග බාගයේදී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප‍්‍රජාව වෙත නැඹුරු වූ පොලිස් සේවයක අවශ්‍යතාව හඳුනාගනිමින් නව ක‍්‍රමෝපායන් සහිත ප‍්‍රජා මූලික පොලිස් සේවයක් හඳුන්වා දෙනු ලැබීය. මේ අතර නිශ්චිත ක‍්‍රමවේදයකට අනුව රාජ්‍ය මැදිහත් වීම මත ප‍්‍රජා පොලිස්කරණය පිළිබඳ සංකල්පය ශ‍්‍රී ලංකා පොලිස් සේවයට හඳුන්වා දීම ආරම්භ වූයේ 2007 වසරේදීය. ඉන් අනතුරුව දිවයිනේ සියලූම පොලිස් ස්ථානවල ප‍්‍රජා පොලිස් ඒකක පිහිටු වූ අතර සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීම එකල සිදු විය. මේ අනුව සංවිධානයක් වශයෙන් මහජන අදහස්වලට ඇහුන්කන් දීම සඳහා ප‍්‍රජා පොලිස් සංකල්පය ඉඩ ප‍්‍රස්ථාවක් සලසා දෙයි. ප‍්‍රජා පොලිස් සංකල්පය තුළින් ජනතා අභිප‍්‍රායයන් ඉටු කර ජනතා විශ්වාසය ගොඩ නගා ගත හැකි අතර ජනතා සහාය පොලිසියට ලැබෙන විට සාමය
 
 රැුකීමේ පොලිසියේ කාර්යය සැහැල්ලූ කරවයි. නීතියටම හෝ බලයට වහල් නොවී ප‍්‍රජාවට නැඹුරු වූ පොලිස් ක‍්‍රමවේදය ලෝකයේ ජනතා ප‍්‍රසාදයට පාත‍්‍ර වූ සාර්ථක ක‍්‍රමවේදයකි. ප‍්‍රජා පොලිස් සංකල්පය තුළින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක අතර අසල්වැසියන්ගේ ආරක්ෂාව, අනතුරුදායක තත්ත්වයන්ට හේතු සොයා බැලීම, ප‍්‍රජාවගේ ආරක්ෂණය සඳහා ප‍්‍රජාව නිර්මාණය කිරීම, සුදුසු පාර්ශ්වකරුවන් හඳුනා ගැනීම, ඔවුන් සමග මිත‍්‍රශීලී හා සුහදශීලීත්වය වර්ධනය කර ගැනීම, ප‍්‍රජාවගේ සැක තුරන් කිරීම වැනි දෑ පවතී. 1866 වසරේ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකි වන පරිදි බිහි කළ ශ‍්‍රී ලංකා පොලිසිය, නිදහස ලබා මේ වන විට වසර 73ක් ගත කළද ශ‍්‍රී ලංකා පොලිසිය තවමත් අධිරාජ්‍යවාදී ආකල්ප වලින් මිදී ස්වදේශිකත්වයට පරිවර්තනය නො වී ඇති බවක් සමහර ක‍්‍රියාකාරකම් වලින් පෙන්නුම් කෙරේ. මේ නිසා ශ‍්‍රී ලංකා පොලිසිය සම්බන්ධව පුරවැසි විශ්වාසය සැලකිය යුතු මට්ටමේ වැඩි වීමක් නැත.
 
 වර්තමාන ශ‍්‍රී ලංකා පොලිසියේ දැක්ම වන අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීමේදී එයට සරිලන ප‍්‍රජා පොලිස් පරමාර්ථ නිර්මාණය කළ යුතුය. විවිධ වෘත්තීන්, වයස් කාණ්ඩ, විවිධ ආගම් වලින් වූ සමන්විත රටක මහජනතාවගේ වුවමනා නිසි ලෙස සම්පූර්ණ කිරීම අරබයා පරමාර්ථ යාවත්කාලින කිරීම කාලෝචිත වන අතර ජාතික චින්තනයකට පණ පොවන දේශපාලන ගැති භාවය පසෙකලන ප‍්‍රජා පොලිසියක් බිහිකිරීම අරමුණක් ලෙස පවත්වා ගත යුතුව ඇත. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරන වැඩසටහන්, පරිසරය සුරකීමේ වැඩසටහන්, රැුකියා නොමැති තරුණ ජන කොටස් ආර්ථික සංවර්ධනයට දායක කර ගත හැකි වැඩසටහන් ප‍්‍රජා පොලිස් පරමාර්ථ බිහිකර ගැනීමට ආදේශ කර ගත හැකිය. තවද ප‍්‍රජා පොලිස් වැඩසටහන් තුළින් පොලිස් නිලධාරීන්, අපරාධකරුවන් සහ ¥ෂිත පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීම, හදිසි අනතුරුවලදී සිදුවන ජීවිත හානි සැලකිය යුතු මට්ටමක පවතින බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට ත‍්‍රිරෝද රථ රියැදුරන් හෝ වෙනත් විශේෂ කණ්ඩායම් එකතුකොට ප‍්‍රථමාධාර පුහුණුවක් ලබාදීම, පොලිසිය ඇතුළු වෙනත් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් හෝ වෙනත් වරදාන ප‍්‍රදානය කිරීමකින් තොරව සාධාරණ ලෙස මහජන සේවය ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා ජනතාව සවිබල ගැන්වීම වැනි දෑ ක‍්‍රියාවට නංවා තවදුරටත් වර්ධනය කළ යුතුය.
 
 බුදුරජාණන් වහන්සේ ලොව දුක් සහිත බවත්, දුක නැති වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය සම්බන්ධවත් දේශනා කිරීමේදී සම්මා වාචා යනුවෙන් වදාරා කොට ඇත්තේ බොරුව, කේලම, රළු, අසබ්‍ය, නිෂ්ප‍්‍රයෝජන වචන භාවිතයෙන් වෙන්වී සත්‍ය, මිහිරි අර්ථ සම්පන්න වූ වචන කතා කළ යුතු බවය. මහජනතාවගෙන් පොලිසිය අප‍්‍රසාදයට ලක්වන සාධක අතරින් එක් සාධකයක් නම් පොලිසිය භාවිතා කරන කර්කශ, කෲර භාෂාවය. මේ නිසා පැමිණිල්ලකට තියා සාක්ෂියකටවත් පොලිස් ස්ථානයකට යෑම අප‍්‍රසාදයට කරුණක් බව සාමාන්‍ය ජන විඥානය තුළ පවතී. ප‍්‍රජා පොලිස් සංකල්පය ක‍්‍රියාත්මක වීමේදී නිවැරදි වචන භාවිතය වැනි ගුණාංග ද පොලිස් නිලධාරියා සතුව පැවතිය යුතුය.
 
 රටට ගැළපෙන ලෙස පරිවර්තනය වෙමින් පොලිසියේ පැවැත්ම සහ පොලිසියේ මෙහෙවර වන රට ආරක්ෂා කිරීමට කැපවී හා විශ්වාසයෙන් යුතුව සැමට සමානාත්මතාව සැලසීමේදී මෛත‍්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව යන සතර බ‍්‍රහ්ම වියරණයන්ද මහජනතාව වෙත දැක්විය යුතුව ඇත. මෙවැනි ධාර්මික ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ශ‍්‍රී ලංකා පොලිසියටද ප‍්‍රජා පොලිස් වැඩසටහන්වල ගුණාත්මක බව දියුණු කර ගත හැකිය. තවද දියුණු නීති ක‍්‍රමයක් තුළ මානව සමාජ පැවැත්මත්, මිනිසුන්ගේ චර්යාවනුත් පිළිබඳව පරිණත අවබෝධයක් පොලිස් නිලධාරීන් තුළ ජනිත වන ආකාරයට ඔවුන් පුහුණුවට භාජන කිරීම ප‍්‍රජා පොලිස් වැඩසටහන් දියුණු වීමට බලපායි. ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජා පොලිස් සංකල්පයේ අරමුණු සපුරා ගැනීමේදී සහකම්පනය වැදගත් සාධකයකි. යම් කෙනෙකුගේ දුකක් තමන්ගේ දුකක් ලෙස සැලකීම සහකම්පනය ලෙස හැඳින්වෙන අතර පොලිස් නිලධාරියා මහජනතාව සමග මෙත් සිතින්ම කටයුතු කිරීම අත්‍යවශ්‍ය අංගයකි.
 
 ඕනෑම ආයතනයක පරමාර්ථ, අරමුණු ඉටු කර ගැනීමට ඇති ප‍්‍රධාන සම්පත මානව සම්පත නිසා ආයතනයක දියුණුව පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සිඟාලෝවාද සූත‍්‍රයේ ස්වාමි සේවක සම්බන්ධකම් පොලිසිය තුළද ක‍්‍රියාවට නැංවිය යුතුය. සමාජය නීතිගරුක කිරීමේ ක‍්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කිරීමට අද්විතීය වගකීමක් උසුලන පොලිස් නිලධාරියාට සමහර උසස් වීම් කලට වෙලාවට ලබා ගැනීමට අවකාශයක් නොමැති තත්ත්වයන් නිසා කලකිරුණු පොලිස් නිලධාරීන් ද පොලිස් සේවයේ ඇත. එම නිසා ප‍්‍රජා පොලිස් සංකල්පයට සමගාමීව පොලිස් නිලධාරියගේ දක්ෂතා, හැකියාව අනුව නියමිත උසස් වීමද සුදුසු කලට ලබා දිය යුතුව ඇත. අනිත් අතට පොලිස් නිලධාරියාද සමාජය ශිෂ්ට සම්පන්න කිරීමේ කාර්යයේදී තමන්ට පැවරුණු කටයුතු මැනවින් ඉටු කළ යුතුව ඇත.
 
 එමෙන්ම ප‍්‍රජා පොලිස් සංකල්පය තුළ මහජනතාව සමග කටයුතු කරන පොලිස් නිලධාරියා රැුකියා ආතතියකින් යුක්ත නොවිය යුතුය. නිවාඩු ලබා ගැනීමට නොහැකි වීම, අධික රාජකාරි පැය ගණනක් සේවය කිරීම, ප‍්‍රවාහන පහසුකම් නොමැති වීම වැනි පොලිස් සේවය තුළින් පැන නගින දුෂ්කරතා මෙන්ම අධික ජීවන වියදම, දරුවන්ගේ ගැටලූ, විවේකය මදි වීම වැනි සාමාන්‍ය ජීවිතය තුළින් පැන නගින දෑ පිළිබඳවද මහජන ආරක්ෂාව සම්බන්ධව පවතින ආයතන සිය අවධානය යොමු කළ යුතුව ඇත. අපරාධ බියෙන් තොරව සාමකාමී ජන සමාජයක් හා ආධ්‍යාත්මික සංවර්ධනයක් තුළින් රටේ සංවර්ධනයද ජනිත කරවීම යන ප‍්‍රජා පොලිස් තේමාවේදී පොලිස් නිලධාරියා පර්යේෂකයෙකු ලෙස ක‍්‍රියා කළ යුතුව ඇත. එහිදී පොලිස් සේවයට උසස් ආකල්ප වලින් යුක්ත පිරිස් බඳවාගෙන ඔවුන්ට නව ප‍්‍රජා පොලිස් සංකල්ප පිළිබඳව මූලික පුහුණුවක් ලබා දීමට කටයුතු කිරීම කාලෝචිතය. ඒ අනුව ප‍්‍රජා පොලිස් සංකල්පයේ සාර්ථක ප‍්‍රතිඵල ලබා ගත හැකි වන අතරම ලොව විශ්වසනීය පොලිස් සේවාවන් සපයන රටවල් අතරින් ශ‍්‍රී ලංකා පොලිසියට මුල් දහදෙනා අතරටද පැමිණිය හැකිය.
 
 ශ‍්‍රී ලංකා පොලිසියට එකතුවන නවක නිලධාරීන්ට ප‍්‍රජා පොලිසියට උචිත ලෙස අධ්‍යයන පාඨමාලා යාවත්කාලීන කිරීම (ඹචා්එැ දෙ ජමරරසජමකමපි* බෙහෙවින්ම වැදගත් වේ. ගෝලීය ප‍්‍රජා පොලිස් පුරුදු (ඡුර්ජඑසජැි*, පොදු සන්නිවේදනය, චිත්ත වේග බුද්ධි කළමනාකරණය. පොලිස් සංස්කෘතික විකාශනය, පොලිස් සංස්කෘතියෙන් බැහැර කළ යුතු මිථ්‍යා මත, 21 වන සියවසට උචිත ආකාරයේ නව ආචාර ධර්ම පද්ධතියක්, ප‍්‍රජා පොලිස් මූලධර්ම, ප‍්‍රජා පොලිස් උපක‍්‍රම වැනි අන්තර්ගතයන් පොලිස් විදුහල් වලින් ඉගැන්විය යුතුය.
 
 තම චිත්ත අභ්‍යන්තරයෙහි පැන නැගෙන ක්ෂණික ආවේගයන්ගෙන් තොරව මධ්‍යස්ථව සිතා බලා මහජන සාමය තහවුරු වන සේ ගෞරවනීය සේවාවක්, යහපත් ධර්මානුකූල චේතනාවෙන්ම ඉටු කළ යුතු බව පොලිසියේ නිල ලාංජනය වශයෙන් ධර්ම චක‍්‍රය සම්මත කර ගැනීමෙන් සනාථ වන නිසා 21 වන සියවසේ ප‍්‍රජා පොලිසියක් බිහිකර ගැනීමට අදාළ සියලූ වගකිව යුතු පාර්ශ්වයන් එකතු වී ක‍්‍රියාත්මක වීම රටේ කාලීන අවශ්‍යතාවකි.

dasunrathnayake
advertistmentadvertistment
advertistmentadvertistment