ප‍්‍රතිකාරයෙන් පසු මුදාහැරිය පුද්ගලයා මග ඇද වැටී මරුට

928

බළන්ගොඩ කිචිගුණේ ප‍්‍රදේශයේ පිහිටි අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක දින 10 ප‍්‍රතිකාර ලබමින් සිට මුදාහරින ලද හැත්තෑහැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහමග ඇද වැටී මරණයට පත් වී ඇත. මෙම  රෝගියා ලබා දී තිබූ විස්තර අනුව දෙනගම ප‍්‍රදේශයේ බව සදහන් වුවත් එවැනි කෙනෙකු පිළිබ`ද විස්තර සොයා ගැනීමට නොහැකි වී ඇත.

මෙම පුද්ගල මළ සිරුර බළන්ගොඩ මූලික රෝහල් මෘත ශරිරාගාරයේ දින 5ක් තබා පින්නවල සහ  බළන්ගොඩ පොලිස් ස්ථාන ම`ගින් මොහුගේ ඥාතීන් හෝ තොරතුරු සොයා බැලූවත් හමු වී නොමැත. මොහු මිය ගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයේදී පොසිටිව් වී ඇත. මෙම හේතුව නිසා ඊයේ (08) බළන්ගොඩ දහමාන ආදාහනාගාරයේ දී සිරුර ආදාහනය කිරීමට කටයුතු කළ බව බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ඞී. මීගස්දෙනිය මහතා ස`දහන් කළේය.

බළන්ගොඩ – එන්.එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment