ප‍්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් මිලියන 1.2කට මරු කැඳවයි

270

ප‍්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ආසාදනය වීමෙන් ලොව පුරා රටවල මිලියන 1.2 කට අධික පිරිසක් 2019 වසරේදී මිය ගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ඇතුළු ජාත්‍යන්තර පර්යේෂකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් රටවල් 204ක් ආශ‍්‍රිතව සිදු කරන ලද දැවැන්ත අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

මෙම අධ්‍යයනයට අනුව 2019 වසරේදී ප‍්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ඍජුවම ආසාදනය වීමෙන් මිලියන 1.2ක පමණ පිරිසක් මිය ගොස් ඇති අතර එම බැක්ටීරියාවන් නිසා හටගත් රෝගාබාධයන් හේතුවෙන් මිලියන 5ක් දක්වා වූ පිරිසක් එම වසරේදී මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.

අධ්‍යයනයට ලක් වූ රටවල් අතුරින් ප‍්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ආසාදනය වීම නිසා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ තුන්වැනි ලෝකයේ රටවල වැසියන් බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.ිමෙසේ 2019 වසරේදී ප‍්‍රතිජීවක බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ආසාදනය වීමෙන් මිය ගොස් ඇති පිරිස වාර්ෂිකව ඒඞ්ස් හා මැලේරියා යන රෝගවලින් මිය යන පිරිසට වඩා වැඩි බව ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ පළ කර ඇති එම එම අධ්‍යයනයේ වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම අධ්‍යයනයට අනුව සහරා කාන්තාරය ආශ‍්‍රිත අප‍්‍රිකානු රටවල හා අග්නිදිග ආසියාතික රටවල ඉහත කී බැක්ටීරියාවන් ආසාදනය වීමෙන් සැම ජනගහනයෙන් ලක්ෂයකටම 24 දෙනකු මිය යන අතර දියුණු රටවලනම් එසේ මිය යන සංඛ්‍යාව ජනගහනයෙන් ලක්ෂයකට 13 දෙනෙකු බව හෙළි වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment