ප‍්‍රතිශක්තිය අඩු අයට තෙවැනි මාත‍්‍රාව ලෙස ෆයිසර්

267


ප‍්‍රතිශක්තිය අඩුවීමත් සමග අවදානම් තත්ත්වයට පත්විය හැකි පුද්ගලයන්ට තුවැනි මාත‍්‍රාවක් ලෙස ලබා දීම සදහා ෆයිසර් එන්නතේ මාත‍්‍රා මිලියන 14 ක් ඇනවුම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අදාළ එන්නත් තොගය සදහා අවශ්‍ය සියලූ මුදල් ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා වන විට ලෝක බැංකුව මගින් ගෙවීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගසංස්ථාවේ සභාපති විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා සදහන් කරයි.
ඒ අනුව ඇනවුම් කරන ලද අදාළ එන්නත් තොගය මාස හයකට පසු මෙරටට ලැබීමට නියමිතව ඇත.
ප‍්‍රතිශක්තිය අඩුවීමත් සමග අවදානම් තත්ත්වයට පත්විය හැකි පුද්ගලයන්ට තුන්වැනි මාත‍්‍රාවක් ලබාදිය යුතු බව විශේෂඥ කමිටුව සිදු කළ නිර්දේශ අනුව ෆයසිර් ආයතනය සමග කළ සාකචඡුාවකින් පසු මෙම එන්නත්මාත‍්‍රා මිලියන 14 ලබා දීමට ඔවුන් එක`ග වූ බවද ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment