ප‍්‍රතිශක්තිය වැඩිකර ගන්න බාහිරින් විටමින් ‘සී’ පෙති ගත යුතුද?

377

සිරුරේ ප‍්‍රශස්ථ ප‍්‍රතිශක්ති මට්ටම පවත්වා ගැනීමට මේ දිනවල කොයි කවුරුත් වැඩි අවධානයක් යොමුකර ඇත. ඊට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ පවතින කොවිඞ් රෝගය ආසාදනය වීමෙන් වැළකීමටය.

එය ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දකි. සිරුරේ ප‍්‍රතිශක්තිය ඉහළම මට්ටමක පවත්වා ගැනීමෙන් කොවිඞ් පමණක් නොවෙන වෙනත් ආසාදන රෝග වැළඳීමට හැකි අවදානමින්ද මිදිය හැකිය.

සිරුරේ ප‍්‍රතිශක්තිය ඉහළ නැංවීමට විටමින් වර්ග උපකාරීවේ. එහිදී වටමින් ‘සී’ සෙම ආශි‍්‍රත රෝග පාලනයට සහ ප‍්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වන බව හඳුනාගෙන ඇත.

එනිසා මේ දිනවල බොහෝදෙනා විටමින් ‘සී’ ආහාරවලින් ලබා ගැනීමට අමතරව බාහිරින් ද ලබා ගැනීමට යොමුවී සිටිති.

මෙලෙස සිරුරේ ප‍්‍රතිශක්තිය ප‍්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට ආහාරවලට අමතරව බාහිරින් විටමින් ‘සී’ ලබාගත යුතුද?

වෛද්‍ය උපදෙස්වලින් තොරව බාහිරින් විටමින් ‘සී’ ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැත.

සිරුරට දිනකට අවශ්‍ය විටමින් ‘සී’ අප දිනපතා ගන්නා ආහාර මගින් ලබාගත හැකිය. ඒ සඳහා එළවළු, පලා වර්ග, පලතුරු ආදිය ආහාරයට ගැනීම ප‍්‍රමාණවත්ය.

ගොටු කොළ, මුකුණුවැන්න, කංකුන් වැනි පලා වර්ග, ඕනෑම එළවළුවක්, දෙහි, දොඩම්, නෙල්ලි, වෙරළු වැනි විටමින් ‘සී’ බහුල පලතුරු වර්ගයක් ආහාරයට ගැනීම මගින් සිරුරට අවශ්‍ය විටමින් ‘සී’ පෙති මිලදී ගෙන භාවිතා කිරීම අනවශ්‍යය.

කොළඹ වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය  රනිල් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment