‘ප‍්‍රථම වතාවට මිණිබිරිය දුටුවා’ – ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්

1188

තමාට ප‍්‍රථම වතාවට සිය මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටී.

 පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිය අතරවාරයේ මිණිබිරිය දැක බලා ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

 ඇමරිකාවේ සංචාරයක නිරතව සිට ජනාධිපති

 ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04දා) පෙරවරුවේ නැවත මෙරටට පැමිණියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුවූ පළමු ඇමරිකානු සංචාරය මෙයයි. ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ දැක්වූ සටහන මෙසේය.

 ‘‘පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප‍්‍රථම වතාවට දැක ගැනීමට ලැබිණි.

 මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණියට ඔවුන්ගේ කුළුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.’’

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකම පුතුණුවන් වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය ඉකුත් මැයි මාසයේදී මව්පිය පදවිය ලැබූහ. ඔවුහු මේ වන විට ඇමරිකාවේ ජීවත් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment