ප‍්‍රදේශ රැසක වෙළෙඳසල් වසා දමයි

968

පවතින කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ප‍්‍රදේශ කීපයක වෙළෙඳ සල් වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (15 දා) පිටකොටුව, මහරගම, නුගේගොඩ ඇතුළු තවත් ප‍්‍රදේශ රැුසකම වෙළෙඳ සල් හිමියන් ස්වෙච්ඡුාවෙන් තම වෙළෙඳ සල් වසා තිබෙනු දැකගත හැකි විය.

මේ අතර මරඳගහමුල ව්‍යාපාර සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා මෙසේ පැවැසීය.

‘මරඳගහමුල නගරයට දවසකට දිස්ති‍්‍රක්ක කීපයක විශාල ජනතාවක් ඇදී එනවා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා. ව්‍යාපාරික ප‍්‍රජාවගෙත්් ප‍්‍රදේශවාසීන්ගෙත් ඉල්ලීම මත අද (16 දා) රාති‍්‍ර 9.00 සිට 23 වැනිදා සඳුදා උදේ 6.00 දක්වා සතියක පමණ කාලයක් වෙළෙඳ සල් වසා දමන්න තීරණය කළා. ඔසුසල් පමණක් විවෘත කර තබනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment