ප‍්‍රභාකරන් පුම්බන චිත‍්‍රපටයට කාම්බෝජයේ තහනමක්

173

ප‍්‍රභාකරන් වීරයකු ලෙස හඳුන්වමින් නිපදවූ මෙතඟු නමැති චිත‍්‍රපටය සිනමාහල් සහ රූපවාහිනි සේවාවල විකාශනය කිරීම කාම්බෝජ රජය තහනම් කර ඇත. මෙම කොටි චිත‍්‍රපටය තහනම් කරන ලෙස ශී‍්‍ර ලංකා රජය කාම්බෝජ රජයෙන් ඉල්ලා තිබිණි. තමිල් රලම් චිත‍්‍රපට සංවිධානය නිපදවූ මෙම කොටි චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණයකර ඇත්තේ කිට්ටු නමැත්තෙකි.

බෞද්ධ රටක් වූ කාම්බෝජය මෙම චිත‍්‍රපටය තහනම්කර ඇත්තේ ප‍්‍රභාකරන් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මෙන්ම ශී‍්‍ර ලංකාවේ දේශපාලකයන් රැසක් ඝාතනය කිරීමට කි‍්‍රයාකිරීම නිසාය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment