ප‍්‍රභූ නිවාස කොල්ලකෑ සොරෙක් අල්ලයි

262

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයකුගේ , ගුවන් නියමුවකුගේ හා මාලදිවයින් ජාතිකයකුගේ නිවාසය රාත‍්‍රී කාලයේදී බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත.
කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් වසම ආවරණය වන පරිදි මාදිවල ප‍්‍රදේශයේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී සිගේරා පාර, මාදිවෙල සමනල හෝටලය අසලදී සැකකටයුතු අන්දමින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත‍්‍රීරෝද රථයක් නවතා එය පරීක්ෂා කිරීමේදී රථය පදවාගෙන පැමිණි රියදුරු සන්තකයේ තිබී මත්කුඩු ග‍්‍රෑම් 05 මිලිග‍්‍රෑම් 470 අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසුව සැකකරු කොට්ඨාශය අපරාධ මෙහෙයුම් ඒකකය වෙත රැගෙනවිත් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී සිදුකර තිබූ සොරකම් රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment