ප‍්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට යවනු: උසාවියෙන් ගෑස් සමාගම් දෙකට නියෝග

112

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරනු ලබන ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙසට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (17 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හා පාරිභෝගිකයන් මිලදී ගෙන ඇති ගෑස් සිලින්ඩර් වෙනුවට නිසි ප‍්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර් ගාස්තු අය කිරීමකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙසට ද රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු ම`ඩුල්ල එම අතුරු තහනම මගින් ගෑස් සමාගම්වලට වැඩිදුරටත් නියෝග කළහ.

අනාරක්‍ෂිත ගෑස් සිලින්ඩර් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සමාගම් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන ජනවාරි 26 දා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරු ම`ඩුල්ල එම පෙත්සම්වල වගඋත්තරකරුකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද වැඩිදුරටත් නියෝග කළහ.

ගෑස් සමාගම් විසින් නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවට දිවුරුම් ප‍්‍රකාශ මගින් තම අධිකරණය හමුවේ ලබාදුන් ප‍්‍රතිඥාව අනුව එම අතුරු තහනම් නියෝග නිකුත් කරන බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ රටේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂාවට බලපාන වැඩි මහජන උනන්දුවක් සහිත කරුණක් වන බවත් එම අතුරු තහනම් නියෝග නිකුත් කරමින් විනිසුරු ම`ඩුල්ල පෙන්වා දුන්හ.

මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල අඩංගු සියයට 20% ක් වූ ප්‍රෝපේන් සංයුතිය සියයට 30% ප‍්‍රතිශතයක් දක්වා ඉහළ දැමීමට ගෑස් සමාගම් මේ වන විටත් එකග වී ඇති බවත් නිසි ප‍්‍රමිතියක් සකස් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ගෑස් සමාගම් ඇතුළු අදාළ අංශ සමග අද (18 දා) සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මනෝහාර ජයසිංහ මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment