ප‍්‍රමුදිත රූපසිංහ ගේ ‘Bayan’ කෘතියට ගෝල්ඩන් ඇස්තර් ජාත්‍යන්තර සම්මානය හිමිවෙයි

332

ලොව පුරා සිටින ලේඛකයන්ගේ දක්‍ෂතා ඇගයීම වෙනුවෙන් ඉතාලියේ Aster Academy international සංස්කෘතික සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන Golden Aster Book – Prize ලෝක සාහිත්‍ය සම්මානය ප‍්‍රවීණ ලේඛක ප‍්‍රමුදිත රූපසිංහ මහතා විසින් ඉංග‍්‍රීසි බසින් රචිත ‘Bayan’ ග‍්‍රන්ථයට 2020 වසර වෙනුවෙන් හිමි වී ඇත.

සෝවියට් දේශයේ කඩා වැටීමත් සමග වෙනස් වූ සමාජ හා සංස්කෘතික පරිවර්තනය තුළ ගොඩනැඟුනු කථාවක් වන Bayan ජාත්‍යන්තර සාහිත්‍යයේ ශී‍්‍ර ලාංකීය කීර්තිනාමය රන් අකුරින් ලිවීමට සමත් වී ඇති අතර විදෙස් භාෂා කිහිපයකට ම මේ වනවිටත් පරිවර්තනය වී ඇත. මෙම කෘතියේ සිංහල පරිවර්තනයවන ‘සිසිර ගීතය’ කෘතිය ද මෙරට පාඨකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූවකි. එය රෝහණ කළුආරච්චි සූරින්ගේ විශිෂ්ට පරිවර්තනයකි. ‘Bayan’ සහ ‘සිසිර ගීතය’ යන කෘති දෙකම මින්සර ප‍්‍රකාශන සමාගමේ අනගි ප‍්‍රකාශනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment