ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප‍්‍රාප්ත වෙයි

403

දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා ඊයේ (25 දා) සවස අභාවප‍්‍රාප්ත විය.

 මිය යන විට ඔහු 84 වැනි වියෙහි පසුවිය.

 එක් දරු පියකු වන ඒ මහතා තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර නිර්මාණය කරමින් මෙරට මෙන්ම රටවල් රැුසකම ප‍්‍රදර්ශන පවත්වමින් ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූ අතර එම චිත‍්‍ර නිර්මාණ රැුසක්ම ජාත්‍යන්තර සම්මානයෙන්ද පිදුම් ලැබීය.

 මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන රැුසක චිත‍්‍ර නිර්මාණය කර ඇති ඒ මහතා දිවංගත ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා විසින් කි‍්‍රයාත්මක කරන ලද ගම් උදාව වැඩසටහනේ ප‍්‍රධාන තොරණ ඉදිකරනු ලැබීය.

 දෙහිවල නැදිමාල විජිත පාරේ අංක 25/24 දරණ නිවසේ දී අභාවප‍්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment