ප‍්‍රශ්න ඇහිල්ල පැත්තකට දායි.. සජබ මන්තී‍්‍රවරු සබය මැද විනාඩි 40 ක් විරෝධතාවේ…

198

 ‘තෙල් මිල අඩු කරනු’, ‘ජනතාවට සහන දෙනු’, ඇතුළු සටන් පාඨ රැුසක් කියමින් සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරු ඊයේ (23 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගැබෙහි විනාඩි 40 ක පමණ විරෝධතාවක නිරත වූහ.
 
 ඊයේ දින මන්තී‍්‍රවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා ආණ්ඩු පක්ෂය විසින් පිළිතුරු ලබාදීමේ අවස්ථාව ආරම්භයේදීම සමගි ජනබලවේගය මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා රීති ප‍්‍රශ්නයක් මතු කරමින්, තමන් පෙරදින උදය ගම්මන්පිල මහතාගෙන් විමසූ ප‍්‍රශ්නයකට නිසි ලෙස ඇමැතිවරයා පිළිතුරු ලබා නොදුන් බවට චෝදනා කළේය.
 
 විපක්ෂ මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා ද නැඟිට ඊට විරෝධය පළකළ අතර ඒ සමගම සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන් නැඟිට එතෙක් වේලා සඟවා ගෙන සිටි විවිධ වැකි සහිත බෝඞ් ප‍්‍රදර්ශනය කරමින් කෑකෝ ගසමින් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා වන ලෙස හඬනැඟූහ.
 
 ‘ගම්මන්පිලයට එන්න කියාපිය – මේවාට උත්තර දෙන්න කියාපිය’, ‘තෙල් මිල අඩු කරව්’, ‘ජනතාවට සහන දියව්’, ‘අපේ පුටින් වැඩ ටිං ටිං’, ‘එළවළු ලාභ ද, ඞීසල් කීයද’, ‘පෙට‍්‍රල් කීයද දැන් සැප ද’, ‘සීනි කීයද’, ‘කැඳත් නෑ සර්’ වැනි විවිධ වැකි සහිත බෝඞ් ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු කෑකෝ ගැසුහ. අනතුරුව ඔහු කෑකෝ ගසමින් සභාව මැදට පැමිණ එහා මෙහා යමින්, බිම ඉඳගනිමින්, කතා පවත්වමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
 
 ඒ අතරතුර වාචික ප‍්‍රශ්න වටය කි‍්‍රයාත්මක වුව ද විපකෂයේ කිසිදු මන්තී‍්‍රවරයකු සිය ප‍්‍රශ්න අදාළ ඇමැතිවරුන්ගෙන් විමසා සිටීමට කටයුතු කළේ නැත. කථානායකවරයා විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ නම් සඳහන් කරමින් ප‍්‍රශ්න අසනවා දැයි විමසුව ද කිසිවෙකු ඊට ප‍්‍රතිචර නොදැක්වීම මත ‘අසන්නැත්නම් නිකං ඉන්න’ යැයි කථානායක පැවසීය. ඒ අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා නැගිට ‘‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද දිවුරුම් දුන්නා. ඒකට බය වෙලා මේ අය කෑගහනවා’’ යැයි කීය. ඒ අතර 27-2 යටතේ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඊට පෙර විමසා තිබූ විශේෂ ප‍්‍රශ්නයකට සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම කලබලය මධ්‍යයේ සිය පිළිතුර ලබාදුන්නාය.
 
 සමගි ජනබලවේගය විසින් අනපේක්ෂිත ලෙස කි‍්‍රයාත්මක කළ විරෝධතාව සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමෙන් කථානායකවරයා වැළකී සිටි අතර වේත‍්‍රධාරි ඇතුළු නිලධාරීහු පිරිසක් සෙංකෝලයේ ආරක්ෂාව පිණිස කටයුතු කළහ.
 
 විරෝධතාව කි‍්‍රයාත්මක වන අයුරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කලබලයකින් තොරව බලා සිටි අතර අභිනව මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා ද මේ ආකාරයෙන්ම සිටියේය. ඒ අතරතුර සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා දිනට නියමිත යෝජනා ඉදිරිපත් කළ අතර අංක තුන දරණ යෝජනාව ඉදිරිපත් කිරීමට විරෝධතාවයේ නිරත වූ ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කළේය. ආණ්ඩු පක්ෂයේ කිසිදු බාධාවකින් තොරව විනාඩි 40 ක් පමණ පැවැති සජබ විරෝධය පෙවරු 10.50 ට පමණ අවසන් වූ අතර පසුව සාමකාමී ලෙස පාර්ලිමේන්තු කටයුතු සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment