ප‍්‍රාථමික අංශය ඇරේ-ගුරු,සිසු සතුටින් එති

195

වසර එක හමාරකට පසුව අද (25දා) සිට දිවයිනේ සියළුම පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යන කටයුතු සඳහා විවෘත කෙරිණ.
ඒ අනුව සිසු දරුවන් දැඩි උනන්දුවකින් පාසල් වෙත පැමිණෙන අයුරු දක්නට ලැබුණි.
මෙහිදී සිසු සිසුවියන් අප සමග කියා සිටියේ, අද දින පාසල් ආරම්භ කිරීම ගැන දැඩි සතුටට පත්වන බවත්, දීර්ඝ නිවාඩු කාලයක් ගත කිරීම නිසා තමන්ගේ අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු නිසි ලෙස කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි මානෂික පීඩනයකින් පසුවූ බවත්ය.
මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් ගුරුවරුන් අප සමග කියා සිටියේල වසර එක හමාරකට පසුව සජීවිව ළමයින් සමග සිටිමට ලැබීම විශාල මානෂික සතුටක් බවය.
ඉදිරියේදී ළමයින්ගේ අධ්‍යාපන කටයුතකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු පැවසූහ.
ගුරු හා විදුහල්පතිවරුන්ගේ ගැටළු සඳහා රජය තවමත් විසඳුමක් ලබා නොඳිම නිසා නොවිසඳුණු එම ගැටළුවලට කඩිනමින් රජය විසඳුමක් ලබා දෙනු ඇතියි තම අපේක්ෂාව බවද මෙහිදී අදහස් දක්වමින් ගුරුවරු වැඩිදුරටත් පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment