ප‍්‍රායෝගික පරීක්‍ෂණ නොමැතිව සා. පෙළ ප‍්‍රතිඵල දීමට අවධානය – අවශ්‍ය නම් පාසල් විභාගයේ ලකුණු දීමටත් හැකියාව

349

විභාගය පවත්වා ප‍්‍රතිඵල නිකුත් කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රායෝගික විෂය මගහැර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට ඊයේ (29 දා) පැවසීය.

6,22,000 ක් පමණ සිසුන් අතරින් 1,70,000 කට අඩු සිසුන් සංඛ්‍යාවක් සංගීතය, නැටුම්, චිත‍්‍ර ඇතුළු ප‍්‍රායෝගික විෂන්වලට පෙනී සිටීමට නියමිතව ඇතත් ඒ පිරිස පාදක කරගෙන සමස්ත සිසුන්ගේ ප‍්‍රතිඵල තවත් ප‍්‍රමාද කිරීම ඉදිරි විභාග පැවැත්වීමට සහ ඒවායේ ප‍්‍රතිඵල නිකුත් කිරීමටද ගැටලූවක් වියහැකි බව නිලධාරීන්ගේ අදහස වී ඇත.

ප‍්‍රායෝගික පරීක්‍ෂණ සඳහා සාමාර්ථයක් අවශ්‍යම නම් මේ වන විට පාසල් මට්ටමින් එම සිසුන්ගේ ලකුණු මට්ටම් සැලකිල්ලට ගෙන සාමාර්ථයක් ලබාදීමේ හැකියාව පවතින බවද එම නිලධාරියා පැවසීය.

විභාගය අවසන් කර මාස හයකට වැඩි කාලයක් ගතවී ඇති නිසා ප‍්‍රතිඵල නිකුත් කිරීමේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡුා කිරීමට නියමිත බවද එම නිලධාරියා කීය. ප‍්‍රතිඵල ලබාදීම ප‍්‍රමාද කිරීම නිසා එම දරුවන්ට උසස් පෙළ විෂයන් හැදෑරීම ප‍්‍රමාද වන බවත්, ඇතැම් දරුවන් මේ වන විට උසස් පෙළ විෂයන් හැදෑරීමට පටන් ගෙන ඇති බවත් වාර්තා වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment