ඵලදාව අඩුයි: පොල් මිල ඉහළ යෑමේ අවදානමක්

345

වාර්ෂික පොල් අස්වැන්නේ අඩුවීමක් පවතින නිසා පොල් ගෙඩි සහ පොල් තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (13 දා) පැවසීය.

වාර්ෂික පොල් අවශ්‍යතාව ගෙඩි බිලියන 4.9ක් වුවත් මෙවර ගෙඩි බිලියන 1.9ක හිඟයක් පවතින බවත් ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය.

රජය නිසි වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ නම් පෙබරවාරි මස පමණ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120.00ක් 130ක් ලෙස ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment