බංකොලොත්  ශ්‍රී ලංකන්  විකුණනවා – ඇමැති නොකියා කියයි

241

කෝටි 16,473 ක් පාඩුයි – කෝටි 40,100 ක් ණයයි

ප්‍රතිව්‍යුහගත  නොකළොත් ඉවරයි!


වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය ඇමතූ ඇයුරු. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරුද මෙහි වෙති.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට රුපියල් කෝටි 16,473 ක (මිලියන 164,733) පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන නිසා එය වහා ප්‍රතිව්‍යුහගත නොකළහොත් ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්පූර්ණයෙන්ම කඩාවැටී වසා දැමීමට සිදුවන බව ප්‍රවාහන වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

එම අමාත්‍යාංයේ ඊයේ (29 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන තිබෙන රුපියල් කෝටි 40,100 ක් (බිලියන 401) පමණ ගෙවාගත නොහැකි තැනට පත්ව ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන තිබෙන මෙම රුපියල් බිලියන 401 ක පමණ ණය මුදල නිසා මහජන බැංකුව, ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැඩි ආර්ථික හා මූල්‍යම බලපෑමක් එල්ල වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අන්තර්ජාතික බැඳුම්කරයකට ඇමරිකානු ඩොලර් මිලියන 175 ක්ද, මහජන බැංකුවට හා ලංකා බැංකුවට ඩොලර් මිලියන 386 ක්ද (ලබාගත් ණය) ගුවන් සමාගමට අයත් කේටරීන් ආයතනයේ කොටස් උගසට තබා ලංකා බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 80 ක ණය මුදලක්ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ්ීඛල ක්‍්ීඛ ආයතන වෙත ඩොලර් 325 ක්ද, කුලියට ගත් යානා සඳහා ඩොලර් මිලියන 80 ක්ද ණය බරව සිටී.

මෙම ගුවන් සමාගම පවත්වාගෙන යෑමට බදු පනවා ජනතා මුදල් වැයකිරීමට සිදුවන බැවින් වහාම එය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.

මෙම සමාගම කඩාවැටී සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවුවහොත් මෙරට හා විදේශ ගුවන් යානාවල සේවය කරන පරිපාලන නිලධාරීන්, ගුවන් නියමුවන් :ක්‍්ඉසබ ක්‍රුඅ* ගුවන් ඉංජිනේරුවන් ඇතුළු සේවක සේවිකාවන් 5313 ක් හා කොන්ත්‍රාත් පදනම මත සිටින 453 ක් මෙන්ම සේවා සපයන්නන් 604 කගේ පමණ රැකියා අහිමිව ගොස් බරපතළ සමාජ ආර්ථික ගැටලු මතුවන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මෙම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අයිතිය පූර්ණ වශයෙන් හෝ සියයට 51 කට වැඩි ප්‍රමාණයකින් විදේශීය සමාගමකට හෝ පුද්ගලයන්ට ලබා නොදෙන බවද ඊට හේතුව මෙරට සිට විවිධ රටවල ගුවන් යානා ගොඩබස්සන අයිතිය :ඛ්බාසබට ඍසටයඑි* අයිතිය ශ්‍රී ලංකාවට හිමිවී තිබීම බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකන් කේටරින් සමාගම ඉකුත් වසර දහයක දිගින් දිගටම ලාභ ලබමින් තිබියදී 2020-21 වසරේදී රුපියල් මිලියන 903 (කෝටි 90) අලාභයක් ලබා ඇත. ඒ ලැබූ අලාභය 2021-22 වසර වනවිට රුපියල් මිලියන 2796 (කෝටි 279) දක්වා වැඩි වී ඇත.

කෙසේ වෙතත් මෙරට ගුවන් සේවා සැපයුම් කිරීමේදී පමණක් ඉකුත් වසර දහයේදී සමාගම එම අංශයෙන් ලාභ ලබා ඇත. එම අංශයෙන් 2021-22 වසරේදී ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 5009 කි. (කෝටි 500).

සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම 2010 වසරේදී සංස්ථාගත කළ අතර 2010 වසරේ සිට මේ ආයතනය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන බැවින් එම සමාගමට අයත් ලාභ ලබන ශ්‍රී ලංකා කේටරීන් සමාගමෙන් සියයට 49 ක් සහ පරිපාලනය, භූමිසේවා සැපයුම් අංශයෙන් :ඨරදමබා ඛ්බාසබට* කොටස් සියයට 49 ක් විකුණන බවද ඇමැතිවරයා කීය.

ආයෝජකයන්ට ඊට වැඩි කොටස් අවශ්‍ය නම් ඒ පිළිබඳ කටයුතු කරන බව හෙතෙම පැවැසීය.

සමාගමට අයත් මෙම අංශ දෙකෙහි කොටස් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කේටරීන් සමාගමේ කොටස් විකුණා ලංකා බැංකු ණය ඩොලර් මිලියන 80 පියවන බවද ඇමැතිවරයා පැවැසීය.

මෙය ගොඩගැනීමට නම් ඇමරිකානු ඩොලර් කෝටි 100 (බිලියනයක්) අවශ්‍ය වන බවද ඇමැතිවරයා කීය.

ශිරාන් රණසිංහ, නිමල් දයාරත්න

පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment