බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

705

ටෙස්ට් ලෝක ශූර නවසීලන්ත කණ්ඩායම සිය රට තුළදීම පරාජයට පත් කරමින් ඓතිහාසික ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මවුන්ට් මවුන්ගානුහි ඕවල් කී‍්‍රඩාංගණයේදී ඊයේ (05 වැනිදා) සමත් වූවේය.

 මෙම පරාජය වසර 17 කට පසුව නවසීලන්තය තමන්ගේ රටේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව වන අතර බංග්ලාදේශය නවසීලන්තයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් ජයග‍්‍රහණයක් ලද පළමු අවස්ථාව ද වේ.

 ජයග‍්‍රහණය සඳහා අවසන් දිනයේදී අවශ්‍යව තිබූ ලකුණු 40 පිතිකරුවන් දෙදෙනකු පමණක් දැවී ගොස් තිබියදී ලබා ගැනීමට බංග්ලාදේශ කී‍්‍රඩකයෝ සමත් වූහ.

 නවසීලන්ත දෙවැනි නිමේදී ලකුණු 46කට කඩුලූ 6 ක් දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ එබඩට් හුසේන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 169 කට සීමා කිරීමට හුසේ්න් ප‍්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ.

 බංග්ලාදේශ විදේශයකදී ලද 6 වැනි ටෙස්ට් ජයග‍්‍රහණය ලෙස මෙම ජයග‍්‍රහණය සටහන් වන අතර දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 09 වැනිදා ඇරඹේ.

 ලකුණු සාරාංශය

 නවසීලන්තය පළමු ඉනිම 328/10

 බංග්ලාදේශය පළමු ඉනිම 458/10

 නවසීලන්තය දෙවැනි ඉනිම 169/10

 බංග්ලාදේශය දෙවැනි ඉනිම 42/2

advertistmentadvertistment
advertistmentadvertistment