බංග්ලාදේශයට වැඩි වාසි

162

සංචාරක බංග්ලාදේශය සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (04 දා) දිනයට තරගය නතර කරන විට සත්කාරක නවසීලන්තය කඩුලූ 5ක් අතැතිව ලකුණු 17ක් ඉදිරියෙන් සිටියේය.

කඩුලූ 6 ක් දැවී ලකුණු 401 ක් ලෙස ඊයේ දිනයේ තරගය ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 458 ක් ලබාගත් අතර ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුලූ 4ක් ද, නීල් වැග්නර් කඩුලූ 3ක් ද දවා ගත්හ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 37ක් රැුස් කිරීමට රොස් ටේලර් සමත් වී සිටින අතර අනෙක් නම්දැරූ පිතිකරුවන් කී‍්‍රඩාගාරයට ගොස් අවසන්ය. නවසීලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලූ 5න් කඩුලූ 4ක් ම දවා ගැනීමට ඇබඩට් හුසේන් සමත් වූයේය. අද (05 දා) තරගයේ අවසන් දිනයයි.

ලකුණු සාරාංශය

නවසීලන්තය පළමු ඉනිම 328/10

දෙවැනි ඉනිම 147/5

බංග්ලාදේශය පළමු ඉනිම 458/10

advertistmentadvertistment
advertistmentadvertistment