බංග්ලාදේශයට 2-1ක ජයග‍්‍රහණයක්

236

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් යුත් එක් දින ක‍්‍රිකට් තරගාවලියේ ජයග‍්‍රහණය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ පළමු සහ දෙවන තරග දෙක ජයග‍්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පෙරේදා (28 වැනිදා) නිමා වූ අවසන් තරගයේ ජයග‍්‍රහණය සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි විය.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ ලෝක කුසලාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැති අතර දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (03 වැනිදා) මීර්පූර් හිදී පැවැත්වේ.

අවසන් එක් දින තරගයේ දී ශතකයක් ලබාගත් රහමනුල්ලා ගුර්බාස් එම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment