බංග්ලාදේශයෙන් ශී‍්‍ර ලංකාවට ලකුණ 148 ක ඉලක්කයක්; චමීරගෙන් කඩුලූ 3 ක්

768

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර අබුඩාබිහි ඊයේ (12 දා* පැවැති පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකාවට ලකුණු 148 ක ඉලක්කයක් ලබා දීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා අබුඩාබිහි ෂෙයික් සේයඞ් කී‍්‍රඩා පිටියේදී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සුම්‍ය සර්කාර් ලකුණු 34 ක් ලබා ගත්තේය.

බංග්ලාදේශය ඕවර 17 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 124 ක් ලබාගෙන සිටි අතර අවසන් ඕවර තුන තුළදී ඔවුහු ලකුණු 23 ක් ලබා ගත්හ.

බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන මුෂ්පිකර් රහීම් ලකුණු 13 කට දැවී ගිය අතර ලිටන් දාස් ලකුණු 16 කට දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය.

ෂොහාන් ලකුණු 15 කට සහ ටස්කින් අහමඞ් ලකුණු 4 කට දැවී ගියහ.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 27 කට කඩුලූ 3 ක්ද, වනිදු හසරංග සහ ලහිරු කුමාර ලකුණු 24 කට එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment