බංග්ලාදේශයේදී ශී‍්‍ර ලංකා කාන්තා වොලිබෝල් පිලට විශිෂ්ට ජයක්

259

බංග්ලාදේශයේ ඩකා අගනුවරදී කි‍්‍රයාත්මක ‘මධ්‍යම ආසියානු ජ්‍යේෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයේදී කිරිගිස්තාන කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්වූවාය. එ් තරග වට 3-0ක් ලෙසිනි.

අදාළ තරගයේදී පළමු තරග වටය 25-15ක් ලෙස ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි වටය 25-14ක් ලෙස ගැනීමට සමත්වූවාය. අනතුරුව කි‍්‍රයාත්මක වූ තීරණාත්මක තෙවැනි තරග වටය 25-13ක් ලෙස ජයගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

මධ්‍යම ආසියානු ජ්‍යේෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය පෙරේදා (23 වැනිදා) සිට ලබන 28 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වේ. එහිදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම මාලදිවයින, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතය.

එහිදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමහභාගි වූ පළමු තරගයේදී නේපාලය හමුවේ තරග වට 2-3ක් ලෙස පරාජයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment