බංග්ලාදේශයේ බහාලුම් ගබඩාවක ගින්නකින් 35 ක් මරුට

125

බංග්ලාදේශයේ චිතගොං හි සිටකුන්ද උපසිලාවේ පෞද්ගලික බහාලුම් ගබඩාවක ඉකුත් 04 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 450 දෙනකු තුවාල ලබා ඇත.රසායනික ද්‍රව්‍ය හේතුවෙන් බහාලුම් ගබඩාව ගිනිගෙන ඇති බවට සැක කරයි. ගිනි නිවන භටයන් ගින්න මැඬපැවැත්වීමට පෙර දැවැන්ත පිපිරීමක් සිදුව ඇත. පිපිරීමෙන් පසු ගින්න තවත් පැතිර ගියබව එරට මාධ්‍ය සඳහන් කරයි. මෙම අනතුරින් තුවාල ලැබූ ගණන තවත් වැඩිවිය හැකි බවද මරණ ගණනද දැනට වාර්තාවී ඇති ගණනට වඩා වැඩි විය හැකි බව චිතගොංහි සෞඛ්‍ය සහ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
 

advertistmentadvertistment
advertistmentadvertistment