බංග්ලාදේශයේ මගී පාරුවක හටගත් ගින්නකින් 32 මරුට 100 කට තුවාල

104

දකුණුදිග බංග්ලාදේශයේ ඊයේ (24දා) උදෑසන, මගීන් 500 ක් පමණ දෙනා ගමන් ගනිමින් සිටි මගී පාරුවක හටගත් හදිසි ගින්නකින් මගීහු 32 දෙනකු මිය ගොස් තවත් 100 දෙනකු පමණ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මිය ගොස් ඇති පිරිසෙන් වැඩි දෙනකු ගින්නට හසු වීමෙන් මිය ගොස් ඇති අතර

ගින්න හට ගැනීමත් සමගම තවත් පිරිසක් ගින්නෙන් බේරීම සඳහා ජලයට පැනීමේදී දියෙහි ගිලීමෙන් මියගොස් ඇත.

දකුණු දිග බංග්ලාදේශයේ ජාලෝකාති නගරයේ ගංගාවක සිදුව ඇති මෙම අනතුරට මුහුණ පෑ මහල් තුනකින් සමන්විත මගී පාරුවේ ගින්න හටගත් අවස්ථාවේදී දැඩි තදබදයක් තිබී ඇති අතර, මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති. මෙම ගින්න මගී පාරුවේ එන්ජින් කාමරයෙන් ඇරඹී ඇති අතර පසුව එය පාරුව පුරා පැතිර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයකින් පාරුව සම්පූර්ණයෙන් ගිනි ගන්නා අයුරු පෙන්නුම් කෙරේ. මිලියන 170ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ මගී පාරු අනතුරු බහුලව සිදුවන අතර එම අනතුරුවලට ප‍්‍රධාන වශයෙන් පාරුවල දුර්වල නඩත්තුව පාරු නවත්වන අංගනවල; නිසි ප‍්‍රමිතියක් නොතිබීම හා අඩු ආරක්ෂාව, වැනි කරුණු බලපා ඇති බව විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment