බංග්ලාදේශය ඉදිරියට

325

සත්කාරක නවසීලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (03 වැනිදා* දිනයට තරගය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 401 ක් රැුස්කර ගෙන සිටියේය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සියලූ දෙනා ලකුණු 328 කට දැවී ගිය අතර ඒ අනුව බංග්ලාදේශය නවසීලන්තයට වඩා කඩුලූ 4ක් අතැතිව ලකුණු 73ක් ඉදිරියෙන් සිටී.

 බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහමුදුල් හසන්, නජිමුල් හොසේන්, මොමිනුල් හක් සහ ලිටන් දාස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් නවසීලන්තය වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවා ගත්හ. අද (04 වැනිදා* තරගයේ 4 වැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment