බංග්ලාදේශය ණය ගෙවන්න ලංකාවට තවත් මාස 6ක් කල් දෙයි

65

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.

මෙසේ ලබාගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට නියමිතව තිබුණද ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මීට පෙරද බංගලාදේශය මෙම ණය ගෙවීම සඳහා කල් ලබා දී තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment