බංග්ලාදේශය නවසීලන්තය පරදවයි

178


නවසීලන්තය සිය රටේදීම පරාජය කිරීමට බංග්ලාදේශය අද (05) වාර්තාගත ජයක් ලබා ගැනීමට සමත් විය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත්වූ අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 328 රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 458 රැස් කළේය.

අනතුරුව නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 169කට සීමා කිරීමට බංග්ලාදේශය සමත් විය.
ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍යව තිබූ ලකුණු 40 කඩුලු 2ක් පමණක් දැවී ලබාගනිමින් තරගය ජයගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙය බංග්ලාදේශයල නවසීලන්තයට එරෙහිව වාර්තාකළ පළමු ටෙස්ට් ජය ලෙසද වාර්තා පොතේ ලියවෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment