බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව සහභාගි වන සිව්කොන් පාපන්දු තරගාවලියක් නොවැම්බරයේ

149

ශ‍්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කර ඇති සිව්කොන් පාපන්දු  තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාංගණය හෙවත් පැරණි තුරඟ තර`ග පිටියේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

1990 දශකය තුළ පවත්වන ලද තුන්කොන් පාපන්දු තරග මාලාවෙන් ඉක්බිතිව මෙරටදී ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රධානතම ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙය වෙයි.

බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරග මාලාවේ ශූරයින්හට ‘අග‍්‍රාමාත්‍ය කුසලානය’ මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමෙයි.

එළඹෙන ඔක්තෝබර් මස 01 දින සිට 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවරදී ක‍්‍රියාත්මක කෙරෙන දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියෙන් අනතුරුව සියලූම ක‍්‍රීඩකයින් නිරෝධායනය කෙරේ. ඉන් පසුව ජාතික සංචිතයේ පුහුණු ක‍්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ප‍්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් සිව්කොන් තරගාවලියට සහභාගි කරවන ජාතික පාපන්දු පිල නම් කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment