බංග්ලාදේශ කාන්තාවෝ ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට එති

123

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ පී. සරා ඕවල් සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සීමිත පන්දුවාර කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලියේ එක්දින තරග අංශය පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට කාන්තා කණ්ඩායමක් පැමිණෙන්නේ ගිය වසරේ ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයෙන් අනතුරුවය. පළමුව එක්දින තරගාවලිය අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ වන අතර එම තරග සියල්ල සරා පිටියේදීත් මැයි 09 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ද පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වේ. එක්දින තරගාවලියට ආරම්භයට පෙර එනම් අප්‍රේල් 27 වැනිදාත් විස්සයි-20 තරගාවලියට පෙර එනම් මැයි මස 07 වැනිදාත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ බංග්ලාදේශ කාන්තා පිල පුහුණු තරගයකට බැගින් ක්‍රීඩා කරනු ඇත. එම තරග 2 ම කොළඹ ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment