බංග්ලාදේශ නායකයා අස්වෙයි

285

බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත්වීමෙන් සහ තමන් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් මොමිනුල් හක් මෙම තීරණය ගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටී.

 2019 වසරේදී බංග්ලාදේශ ටෙස්ට් නායකයා වශයෙන් පත්වූ මොමිනුල් හක් හටතේ බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 15න් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 3ක් පමණි. අදාළ කාල සීමාවේදී නායකයකු ලෙස සහ පිතිකරුවකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් මොමිනුල් හක් තවදුරටත් කණ්ඩායමේ නායකත්ව ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුවී තිබිණි.

 ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ මොමිනුල් හක් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර එහිදී තවදුරටත් කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටීම පිළිබඳ තීරණයක් ගැනීමට මොමිනුල් හක්ට අවස්ථාව ලබා දී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment