බංග්ලාදේශ පරාජයත් සමග ශ‍්‍රී ලංකාවේ අන්තිම බලාපොරොත්තුවත් බිඳ වැටේ

285

බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමග ඊයේ (02 වෙනිදා) පැවැති තරගයෙන් ලද පරාජයත් සමග මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසීම පිණිස ශ‍්‍රී ලංකාවට තිබූ ඉතා අල්ප අවස්ථාවද අබුඩාබිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදී ගිලිහී ගියේය.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දකුණු අප‍්‍රිකා කණ්ඩායම එහිදී ලබා ගත් කඩුලූ 06ක පහසු ජයග‍්‍රහණය ඔවුන් සුපිරි වටය යටතේ ලබා ගත් තෙවැනි ජයග‍්‍රහණය විය.

එංගලන්තය මෙතෙක් සහභාගි වූ තරග 4ම ජය ගෙන අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් අතර දකුණු අප‍්‍රිකාව ඊයේ (02 වෙනිදා) තරගයද පරාජය වී, එංගලන්තය සමග ලබන 06 වෙනිදා පැවැත්වෙන තරගයද පරාජය වෙයි යන උපකල්පනය මත ඔවුන්ගේ තරග ජයග‍්‍රහණ සංඛ්‍යාවද 2 ක් වීමට ඉඩ තිබුණි.

එසේම බටහිර ඉන්දීය කොදෙව්වන් ඔස්ටේ‍්‍රලියාව හමුවේ ජය ගෙන, ශ‍්‍රී ලංකාව ඉදිරියේ ලබන 04 වෙනිදා පැවැත්වෙන තරගයෙන් පරාජය වනු ඇතැයි උපකල්පනය කළ විට කොදෙව් කණ්ඩායම මෙන්ම ශ‍්‍රී ලංකාවේද ජයග‍්‍රහණ සංඛ්‍යාව දෙකක් වීමට ඉඩ තිබුණි.

තවද බංග්ලාදේශය ඊයේ තරගයෙන් දකුණු අප‍්‍රිකාව පරාජය කර ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව අනිද්දා (04 වැනිදා) පැවැත්වෙන තරගයද ජය ගනු ඇතැයි උපකල්පනය කළේ නම් සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය හැර අනෙක් කණ්ඩායම් 5 ම ජයග‍්‍රහණ සංඛ්‍යාව 2ක් වේ. එනම් ප‍්‍රසාද ලකුණු ගණන 4 බැගින් ලබා ගත් කණ්ඩායම් 5ක් හමු වන අතර එසේ වූවා නම් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය පදනම්ව තීරණය කිරීමට නියමිතව තිබුණි.

එහෙත් බංග්ලාදේශය ඊයේ ලද පරාජයත් සමග ශ‍්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අවසන් පූර්ව වටයේ සිහින බො`ද වී ගිය අතර එංගලන්තය සමග පළමු කාණ්ඩයෙන් සුපිරි වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම කුමක්ද යන්න දකුණු අප‍්‍රිකාව, ඔස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතරින් එකක් වනු ඇත.

දකුණු අප‍්‍රිකාව දැනටමත් තරග 3ක් ජය ගෙන ඇති අතර එංගලන්තය සමග ඔවුන්ට තරගයක් ඉතිරිව තිබේ. එසේම ඔස්ටේ‍්‍රලියාව තරග දෙකක් ජය ගෙන තිබෙන අතර ඔවුන්ට බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග දෙකක් ඉදිරියේදී ඇත.

මේ අනුව දකුණු අප‍්‍රිකාව ඉදිරියේ වැඩි අවස්ථාවක් තිබෙන බව පෙණුනත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ ඔස්ටේ‍්‍රලියාවටද අවසන් පූර්ව තරග අවස්ථා තවම ඇත.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18.2කදී සියලූ දෙනා දැවී 84යි (ලිටන් දාස් 24, මෙහෙදි හසන් 27, ෂමිම් හසන් 11, කාගිසෝ රබාඩා 20/3, අනරිච් නෝට්ජේ 8/3, ටබ්රිස් ෂම්සි 21/2, පිටෝරියස් 11/1)

දකුණු අපි‍්‍රකාව පන්දුවාර 13.3කදී කඩුලූ 4ක් දැවී ලකුණු 86යි (ක්වින්ටන් ඩි කොක් 16, රසී වැන්ඩර් ඩුසේන් 22, ටෙම්බා බවුමා (නොදැවී) 31, ටස්කින් අහමඞ් 18/2, මෙහෙදි හසන් 19/1, නසුම් අහමඞ් 22/1)

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට..

advertistmentadvertistment
advertistmentadvertistment