බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නෑ

267

ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ හැකියාව බංග්ලාදේශ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයන් දෙපලක් වන ටස්කින් අහමඩ්ට සහ ෂොරිෆුල් ඉස්ලාම්ට අහිමි වී තිබේ. ආබාධ තත්ත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙම තරගාවලිය මගහැරෙනු ඇති බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

 නිමාවට පත්වූ දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී වළලුකරෙහි ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ෂොරිෆුල් අහමඩ්ට එම තරගාවලියද අහිමි වී ගියේය. උරහිසේ ඇතිවී ඇති ආබාධයක් හේතුවෙන් ටස්කින් අහමඩ්ටද දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාම මේ වනවිටත් සම්පූර්ණ සුවය ලබා නොමැති කමින් ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක ටෙසට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරී තිබේ.

 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මැයි 15 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබේ. අයි.සී.සී. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රිායත්මක අතර ශ්‍රී ලංකාව එහි ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment