බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම දිවයිනට

88

බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ කුසලානය සඳහා තරග වදින සිව් ජාතික පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (05 වැනිදා* දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

 මෙම කණ්ඩායමට ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් 35 දෙනෙකු ඇතුළත් වී සිටියහ.

 මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 200 දරන ගුවන් යානයෙන් ඊයේ දින පස්වරු 02.15 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

 තරගාවලියට සහභාගී වීම සඳහා මාලදිවයින කණ්ඩායම පෙරේදා (04 වැනිදා* දින ශ‍්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ෂීෂෙල්ස් කණ්ඩායම අද (06වැනිදා* දින පැමිණීමට නියමිතය.

 මෙම තරගාවලියේ තරග මෙම නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා පැවැත්වීමට නියමිතය.

 කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment