බංග්ලාදේශ – සීෂෙල්ස් තරගය සම වෙයි – ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලිය

145

කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරැුණි තුරඟ තරග පිටියේදී දැන් ක‍්‍රියාත්මක ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දෙවන තරගය බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර ඊයේ (10) සවස පැවැති අතර එය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මෙම තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල් 01 – 00 ක් ලෙස බංග්ලාදේශය පෙරමුණේය පසු විය.

එහෙත් දෙවන භාගයේ ආරම්භයත් සමඟම ප‍්‍රබල ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම කිරීමට සීෂෙල්ස් ක‍්‍රීඩකයින් සමත් වූහ.

තරගය ඇරඹී 18 වැනි මිනිත්තුවේ දී මොහොමඞ් ඊබ‍්‍රහිම් බංග්ලාදේශය වෙනුවෙන් ද 88 වැනි මිනිත්තුවේදී රෂීඞ් ඩෑන් ලැබ්රෝසී සීෂෙල්ස් වෙනුවෙන් ද ගෝල් වාර්තා කරමින් කැපී පෙනුණි.

පැති විනිසුරුවරුන් වූ පාලිත හේමතුංග සහ එල්. කේ. අයි. උදයකාන්ත යන මහත්වරුන්ගේ සහයෝගය ඇතිව මෙම තරගය ශ‍්‍රී ලංකාවේ ලක්මාල් වීරක්කොඩි මහතා විසින් විනිශ්චය කරන ලදී.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (09දා) පැවැති ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය ද ගෝල් 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන තරගයට අවතීර්ණ වීම උදෙසා කණ්ඩායම් හතරටම විවෘතව පවතී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment