බක් මාසයේ උපන් ඔබ ගැනයි මේ… පාලන ග‍්‍රහයා අඟහරුයි

473

බක් මාසයේ උපන් ඔබ බොහෝ විට මුරණ්ඩු ගති ලක්‍ෂණ පෙන්වයි. දැඩි අධිෂ්ඨානශීලී පුද්ගලයන්ය, සටනට බිය නොවන පුද්ගලයන්ය. ඔබ සතුව විශාල සංවිධාන ශක්තියක් ඇත. සටන්කාමී චරිතයන්ය. විවේචනවලට කැමති නැත. තාර්කික සාක්‍ෂිවලට ඉතා සංයමයෙන් සවන් දෙනු ලබයි. ස්වාධීනව කටයුතු කිරීමට දැඩි කැමැත්තක් දක්වන අතර තමන්ගේ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසනවාට කොහෙත්ම කැමති නැත. විරුද්ධ ලිංගිකයන්ට ඔබව හඳුනා ගැනීමට නම් ලේසිපාසු නොවේ. එසේ වන්නේ ක්‍ෂණයකින් වෙනස්කම් ඇති කරන කි‍්‍රයාකලාපයක් ඔබ සතු නිසාය. ආදරණීය ගති ලක්‍ෂණ පෙන්වුවත් එය ඔබට අත්විඳීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අසාධාරණයට, අයුක්තියට කැමති නැත. අවසාන අවස්ථාව දක්වාම විරුද්ධකරුවන්ට එරෙහිව නැගී සිටී. එවන් අවස්ථාවල දැඩි ලෙස ආවේගශීලී වේ. එවැනි අවස්ථාවල කි‍්‍රයාවෙන් වචනයෙන් ඔබ සන්සුන් කිරීමට කාටවත් නොහැකිය.

ඇතැම් අවස්ථාවල උපායශීලී නොවන නිසා විශාල සතුරන් පිරිසක් ඇතිකර ගනී. ධනය ඉපයීමේදී විශාල ධනයක් රැස්කර ගැනීමට හැම විටම උත්සහ කරයි. ආදරය, සෙනෙහස නිසි ලෙස නොලැබීම නිසා මානසික පීඩා ඇතිකර ගනී. නමුත් තමන් කරන කටයුතු ගැන විශාල වශයෙන් සතුටු වන පුද්ගල කොට්ඨාශයකි.

ප‍්‍රචණ්ඩත්වයට හා ලිංගිකත්වයට ඔබව හැසිරවීමට කිසිසේත් ඉඩ නොතබන්න. ත‍්‍රාසජනක කි‍්‍රයාවන්ට ඔබ වඩාත් ඇලූම් කරයි. ප‍්‍රතිවාදියෙක් නොමැති වුවද තරගකාරීව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. තරමටත් වඩා ඉතා ආඩම්බරකාර පිරිසකි. ඔබට හොඳ ජීව ගුණයක් ඇත. දුර්වලයෙකු සේ කටයුතු නොකරයි. එසේ වැඩකටයුතු කරන අය පිළිනොගනී. පැහැදිලි මනසක් ඇත. ස්වයං පාලනයක් නොමැත. නමුත් ඔබ ස්වයං පාලනයක් සහිතව කටයුතු කරන විට ශීඝ‍්‍ර දියුණුවක් ළඟාකර ගනී.

ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණු කීපයකි. එනම් කෝපවීම, ඉරිසියා කිරීම, අහංකාරත්වය, ප‍්‍රචණ්ඩත්වය ඔබ විසින් අත්හල යුතුමය. එය ඔබගේ දියුණුවේ මාර්ගයයි.

සෞඛ්‍ය ගැටලූ – නින්ද ඔබට ඉතා වැදගත් කරුණකි. නින්ද නොයෑම තුළින් ඔබට බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කරයි. මනස නිරවුල්ව තබාගන්න. එය මානසික ව්‍යාධි තත්ත්වය ඇති නොවීමට හේතුවකි. තවද දීර්ඝකාලීන හිසේ ආබාධ ඇතිවීමට ද මෙය හේතුවක් වේ. තුවාල ඇතිවීම, පිලිස්සුම් තත්ත්වයන්, උදරයේ සහ වකුගඩුවල ආබාධ තත්ත්වයන් ද ඇති විය හැක.

ඔබට සුදුසු රැකියා – වාස්තුවේදය, ජ්‍යොතිෂ්‍ය ශාස්ත‍්‍රය, ඉංජිනේරු සේවා, ශල්‍ය වෛi, රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ආයුධ නිෂ්පාදනය, ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සේවය, කී‍්‍රඩා කටයුතු, වාහන අලූත්වැඩියාව, මනෝ චිකිත්සක සේවය, දේශ ගවේෂණය, ගුවන් නියමු, නාවික අංශ වඩාත් සුදුසු රැකියාවන් වේ.

යහපත් මිතුරු මිතුරියන්/ විවාහක සහකරුවන් සහකාරියන්

ජූලි 21 සිට අගෝස්තු 27 දක්වා උපන් අය, සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 27 දක්වා උපන් අය, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 27 දක්වා උපන් අය සහ ඕනෑම මාසයක 9, 18, 27 යන දිනවල උපන් අය වඩාත් සුදුසු වේ.

මූල්‍ය තත්ත්වය – ඔබේ උත්සාහය, අධිෂ්ඨානය, නිර්භීතකම හොඳින් පවතී නම් ඉතා ඉහළ මූල්‍ය තත්ත්වයක් රඳවාගත හැක. ආවේගශීලී නොවීම සහ විරුද්ධ ලිංගිකයන්ගේ රැවටීම්වලට හසු නොවන්නේ නම් මූල්‍ය ස්ථාවරත්වයක් ළඟාකර ගත හැක.

වාසනාවන්ත වර්ණ – රතු, තද රතු සහ රෝස පැහැය ඉතා සුදුසු වර්ණයන් වේ. නමුත් ඔබ අසනීප වූ අවස්ථාවල නිල් වර්ණය භාවිත කිරීමෙන් වාසනාව ළඟාකර ගත හැක.

වාසනාවන්ත දිනය – අ`ගහරුවාදා

වාසනාවන්ත අංකය – 09

වාසනාවන්ත මැණික් වර්ගය – රූබි

වාසනාව ළ`ගා කරන අත්පලඳනාවක්

අත් පලඳනා සප්ත‍්‍ර චක‍්‍ර පලඳනාව, සහශ‍්‍ර පලඳනාව, ධන ආකර්ෂණ පලඳනාව අජ්ත පාෂාණ පලඳනාව, සියලූ දෝෂ ඉවත් කරන පලිගු මාණික්‍ය පලඳනාව ඉතාමත් යෝග්‍ය වේ.

බක් මාසයේ උපන් ඔබගේ සියලූ කටයුතු සාර්ථක වේවා.

අරෝෂ ජේ. වඩුගේ
ජ්‍යොතිෂ වාස්තුවේදී, ගෘහ සැලසුම් ශිල්පී, අංක විiා පර්යේෂක
දු.අංකය – 0776 744 551

advertistmentadvertistment
advertistmentadvertistment