බජාජ් සමූහයේ සභාපති  රාහුල් බජාජ් අභාවප‍්‍රාප්ත වෙයි

434

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික රාහුල් බජාජ් සෙනසුරාදා පූනේහිදී අභාවප‍්‍රාප්ත විය. මියයන විට වයස අවුරුදු 83 කි.

 රාහුල් බජාජ්ට නියුමෝනියාව සහ හදවත් ආශ‍්‍රිත රෝග ඇති බව ඉන්දීය පුවත්පත් කියයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයක පමණ කාලයක සිට ඔහු රෝහල්ගතව සිට ඇත. රාහුල් බජාජ් දිගු කලක් තිස්සේ රටේ පැරණිතම කාර්මික සමාගමක් වන බජාජ් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. රාහුල් බජාජ් 1938 ජුනි 30 වන දින කොල්කටා හි උපත ලැබීය. ඔහු වසර 40කට වැඩි කාලයක් බජාජ් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. 2001 දී ඔහු පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment