බටහිර චිත්‍රපට බැලුවොත් උතුරු කොරියාවේ දරුවන් සිරගෙට

242

උතුරු කොරියාවේ යම් පුද්ගලයකු තම දරුවන්ට බටහිර චිත්‍රපට පෙන්වුවහොත් දැඩි දඬුවම් හිමිවන බව උත්තරීතර නායක කිම් ජොන් උන් පාලනය නිවේදනය කර ඇත.

නව නීතිවලට අනුව විදේශීය චිත්‍රපට නරඹා හසුවුණු දරුවන්ගේ දෙමාපියන් මාස හයකට කම්කරු කඳවුරුවලට යැවෙන අතර දරුවන්ට වසර 5 ක සිරදඬුවම් හිමිවේ. මීට පෙර මෙවැනි වරදට හසුවූවන්ට දැඩි ලෙස අවවාද කළ නමුත් දැන් එය සිරදඬුවම් ලබාදීම දක්වා නීති තදකර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment