බටහිර විරෝධය නොතකා රුසියාවෙන් තෙල් ගන්න ලංකාව එකඟ වෙයි

660

ඇමරිකාව ඇතුළු බටහිර රටවල විරෝධය නොතකා රුසියාවෙන් බොර තෙල් ලබා ගැනීමට රජය එකඟ වී ඇත.

රුසියාවේ රොස්නෙල්ප්ට් ඇතුළු රාජ්‍ය තෙල් සමාගම් පහක් ශ්‍රී ලංකාවට අඩු මිලට තෙල් ලබාදීමට කැමැති බව දැනුම් දී තිබේ. ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ ඒ බව එම තෙල් සමාගම් මොස්කව් සිට තමන්ට ලිඛිතව දන්වා ඇති බවයි. මෙරට බටහිර තානාපතිවරු 10ක් ශ්‍රී ලංකා රජයෙන් යුක්රේනයට සහය දක්වන ලෙස ඉල්ලා තිබූ අතර එම හේතුව නිසා රුසියාවෙන් බොර තෙල් ලබාගැනීමට නොහැකි වී ඇත.

රුසියානු රාජ්‍ය තෙල් සමාගම් තෙල් බැරලයක් ඩොලර් 35 ක් අඩුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ගෑස් කොන්ත්‍රාත්තුවේ කාලසීමාව අහෝසි වී ඇත. මේ නිසා රුසියානු ගැස්ප්‍රොට් සමාගමෙන් ගෑස් මිලට ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වේ.

ඉන්දීය තෙල් සමාගම් 5 ක් ද රුසියාවෙන් තෙල් බැරල් මිලියන 7ක් මිලයට ගැනීමට ද තීරණය කර ඇත. එසේම ඉදිරි මාස 6 සඳහා ද රුසියාවෙන් තෙල් ලබාගැනීමේ ගිවිසුමකට එළඹී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment