බටහිර සම්බාධකවලින් පසු රුසියාව විදෙස් ණය  ගෙවීම පැහැර හරී

189

වසර 105 කට පසු රුසියාව තම විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තීරණය කර ඇත.

1917 විප්ලවයෙන් පසු මෙලෙස රුසියාව ණය ගෙවීම පැහැරහැරීමට පියවර ගෙන ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා බටහිර රටවල් පැනවූ සම්බාධකවලින් පසුවය.

ඒ අනුව මැයි 27 වැනිදා මුලින් ගෙවීමට නියමිත යුරෝ බැඳුම්කර දෙකක් සඳහා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් සඳහා වූ පොලී ගෙවීමට ලබාදී තිබූ දින 30ක සහන කාලය පෙරේදා (26 දා) දිනයෙන් අවසන් වූ බව බ්ලූම්බර්ග් ඊයේ (27 දා) සඳහන් කළේය.

රුසියානු යුරෝ බැඳුම්කර හිමි ඇතැම් තායිවාන ජාතිකයන් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුනට ගෙවිය යුතු පොලී නොලැබුණු බවයි.

ණය ගෙවීම පැහැරහැරීම පිළිබඳව නිල තහවුරු කිරීම ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ නියෝජිත ආයතනවලින් බලාපොරොත්තු විය හැකිය.

වසර 105 කට පෙර බොල්ෂෙවික් විප්ලවයෙන් පසු ජාත්‍යයන්තර බැඳුම්කරවල පළමු ප්‍රධාන පැහැරහැරීම මෙය වේ.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment