බටහිර සිනමා නිළි නිකොලේ කිඞ්මාන්ට හොංකොංහිදී විරෝධතා

643

ජනප‍්‍රිය බටහිර නිළියක වන ඕස්ටේ‍්‍රලියානු ජාතික නිකොලේ කිඞ්මාන් නවතම ටෙලි නාට්‍ය මාලාවක රූගත කිරීම සඳහා කොරෝනා මර්දන නීතිරීති දැඩි ලෙස ක‍්‍රියාත්මක වන හොංකොං රාජ්‍යයට පැමිණි පසු නිරෝධායනය නොවී රූගත කිරීම්වලට සහභාගී වීම සම්බන්ධයෙන් හොංකොං රාජ්‍යයේ බොහෝ දෙනා සිය විරෝධතාව පළ කර තිබේ.

 කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි කොරෝනා මර්දන නීතිරීති පනවා ඇති හොංකොං රාජ්‍යයට විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් දින 21ක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය වුවද කිඞ්මාන් එරට පැමිණ දින දෙකක් ගත වූ පසු රූගත කිරීම සඳහා එළිමහනට යෑම එරට බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

 ‘ට්විටර්’ හා චීන සමාජ මාධ්‍ය ජාලයක් වන ‘සයිනා වයිබෝ’ භාවිත කරන්නන් විශාල වශයෙන් කිඞ්මාන් හට නිරෝධායන නීති මගහැර රූගත කිරීම් සඳහා සහභාගී වීමට අවසරය ලබා දුන්නේ කවුදැයි දැඩි ලෙස ප‍්‍රශ්න කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් වැඩි දෙනෙකු පවසා ඇත්තේ කොරෝනා මර්දන නීතිරීති හේතුවෙන් මාස ගණනකින් තමන්ට තම පවුලේ සාමාජිකයන් මුණ ගැසීමටවත් නොහැකි වී ඇති අතර විදෙස් නිළියකට මෙතරම් පහසුවෙන් නීති මගහරිමින් කටයුතු කිරීමට අවසරය ලබාදීම වැරදි බවයි. කිඞ්මාන් හොංකොං රාජ්‍යයට පැමිණ ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට වන අතර එරට සිට පැමිණෙන පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රා ලබා ගත් පුද්ගලයන් බාහිර සමාජයට යෑමට පෙර හොංකොං හි දින 07 ක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment