බටුඔය දී බස් ලොරි ගැටී 5ක් පොලොන්නරුව රෝහලේ

36

මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී 15 දා රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පස් දෙනකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට මාදුරුඔය බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් හා පොලොන්නරුවේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයකි. අනතුරෙන් ලොරි රථයේ රියැදුරු හා බස් රථයේ ගමන් කළ පුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇත. ඉන් ලොරි රථයේ රියැදුරුගේ තත්ත්වය බරපතළ බව පොලොන්නරුව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ලොරි රථය ධාවනය කළ රියැදුරුගේ අපරික්ෂාකාරී හා අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිලධාරීහු පවසා සිටිති. මෙම අනතුරින් බස් රථයට බරපතළ හානි සිදුව ඇත. අනතුර හේතුවෙන් මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ද බලපෑම් එල්ලවිණි.

මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිලධාරීහු මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment