බඩඉරිඟු වගාවට අන්තර් ජාතික සහාය

135

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව ඉහළ දැමීමේ අරමුණෙන් ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මෙ.ටො. 200ක් ලබාදීමට අද එකඟත්වය පළ කළහ.

අද පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී කෘෂිකර්ම,වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සහයෝගය පළ කිරීමේ සාකච්ඡාවක් පැවති අතර, එම අවස්ථාවේදී JICA ආයතනයත්, UNDP ආයතනයත් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගීතාවයක් වශයෙන් මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා බීජ බඩඉරිඟු මෙ.ටො. 200ක් ආධාර වශයෙන් ලබාදීමේ එකඟතාවය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment