බඩු මිල පහත හෙළනු සජබ ජාඇල වීදි බසී

157

රට තුළ භාණ්ඩ මිල ඉහළ යෑම, ජනතාව පීඩාවට පත්ව තිබීම, ආණ්ඩුව රට වැරදි ලෙස කලමනාකරණය කිරීම යන චෝදනා නඟමින් සමගි ජන බලවේගය පක්ෂය විසින් ජා-ඇල නගරයේදී උද්ඝෝෂණයක් හා විරෝධතා පෙළපාලියක් පෙරේදා (08 දා) සංවිධානය කර තිබිණි.

විරෝධතා පුවරු, ගිනි පන්දම් අතැතිව සටන් පාඨ කියමින් ජා-ඇල නගරය පුරා පැයකට අධික කාලයක් විරෝධතාකරුවන් ගමන් ගත් අතර ජා-ඇල සමගි ජන බලවේගෙයේ සංවිධායක නීතිවේදී ශිරන්ත අමරසේකර මහතා විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ජා-ඇල නියෝජ්‍ය නගරාධිපති රුවින්ද අබේරත්න, ජා-ඇල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අතුල ජයවර්ධන, ජා-ඇල නගර සභාවේ හිටපු මන්ත‍්‍රී තුෂාන්ත පෙරේරා මහතා ඇතුළු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග සමගි ජන බලවේගයේ නියෝජිතයන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

කඳාන – රුක්මන් පින්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment