බණ්ඩාරගමදී කුඩු ජාවාරම්කරු දෙදෙනෙකුගේ අත් කපයි

306

විශාල පිරිසක් බලා සිටිද්දී බණ්ඩාරගම වල්ගම නිවාස සංකීර්ණය තුළදී ති‍්‍රරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (17 දා) තියුණු ආයුධ ප‍්‍රහාරයකට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

 එක් පුද්ගලයකුගේ අත් දෙකම වෙන් වන සේ තියුණු ආයුධ ප‍්‍රහාරයෙන් එල්ලවී ඇති අතර අනෙක් පුද්ගලයාගේ වම් අතට පමණක් ප‍්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

 සිද්ධියෙන් අත් දෙකටම බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාර්ගයේ දිවවිත් වල්ගම සුසාන භූමිය ඉදිරිපිට වැටී ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසියට දිවවිත් සිද්ධිය පැවසූ බව පොලිසිය කියයි.

 ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ මෑතකදී රිමාන්ඞ් භාරයෙන් නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් ඔහු මත්කුඩු ජාවාරම සිදු කරන්නෙක් බවත් පොලිසිය කියයි.

 ප‍්‍රහාරය එල්ල වූ පුද්ගලයන් ද මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් බවත් ඔවුන් තී‍්‍රරෝද රථයකින් පැමිණ ඇතැයිද පොලිසිය කියයි.

 එම ත‍්‍රීරෝද රථයේ ද තියුණු ආයුධ තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 සුසාන භූමිය ඉදිරිපිට වැටී සිටි පුද්ගලයා විනාඩි විස්සකට ආසන්න කාලයක් එලෙස සිට ඇති අතර කිසිවකු රෝහල්ගත කිරීමට ඉදිරිපත් නොවී ඇතැයි පොලිසිය කියයි.

 අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි. පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ආර්. ගුණසේකර අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වල්පොල මහත්වරු පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment