බණ්ඩාරවෙල කීණිගම මංසන්ධියේ බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය අසල ආපන ශාලාවක කෑම සෑදීම සහ තේ උණු කිරීම සඳහා සවි කර තිබූ ගෑස් සිලින්ඩරයකින් දහවල් ගෑස් කාන්දුවීම නිසා ආපනශාලා හිමිකරුවන් දැඩි භීතියට පත්වී තිබේ.
මෙම ආපනශාලා හිමිකරු විසින් තම ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් අවසන්වීම නිසා රාත්‍රියේ 8.00ට පමණ බණ්ඩාරවෙල නගරයේ ගෑස් අලෙවි නියෝජිත ආයතනයකට ගොස් මෙම ගෑස් සිලින්ඩර් දෙක රැුගෙනවිත් පසුදින උදෑසන සිට භාවිතයට ගැනීමේදී එක් සිලින්ඩරයකින් මෙසේ ගෑස් කාන්දුවීම සිදුවී තිබේ. බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය නිමවීමෙන් පසු පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම ස්ථානයේ ආපන ශාලාවලට පැමිණෙන අතර එම අවස්ථාවේදී යම් පිපිරීමක් සිදුවූවේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණේ යැයි ආපනශාලා හිමිකරු කියයි.
මේ පිළිබඳ බණ්ඩාරවෙල නගරයේ ගෑස් අලෙවි නියෝජිත ආයතනයකට දැනුම් දුන් පසු එම සිලින්ඩරය නැවත එම ආයතනයට බාරදෙන ලෙසට පැවසූ බවද එම ආයතනයට මෙවැනි සිලින්ඩර් දොළහක් ආපසු ලැබී ඇති බවද ආයතන හිමිකරු පැවසුවේ යයි මෙම ආපන ශාලාවේ හිමිකරු වන ලලිත් විජේසුන්දර මහතා පවසයි.
කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල